ධනුෂ්කට මැක්ස්වෙල්ගෙන් සහය ? ඇත්තම කථාව මෙන්න

ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් විසින් එරට අධිකරණයේ පසුවන ශ්‍රී ලංකානු ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලක බේරා ගැනීමට උපරිම සහයෝගය ලබා දෙන බවට ඔහු පැවසූ බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියා තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් දනුෂ්ක ගුණතිලකගේ සුවදුක් විමසීමට Sydney City පොලීසියට වෙතට ගිය බවට කිසිදු ජාත්‍යන්තර පුවතක් වාර්තා කර නොතිබූ අතර ඔස්ට්‍රේලියානු එකදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් හෝ මේ පිළිබඳව වාර්තා කර නොතිබුණු බවට නිරීක්ෂණය වුණා.

ඉන් අනතුරුව මැක්ස්වෙල් සිය සමාජ මාධ්‍ය ජාලා හරහා හෝ එවන් ප්‍රකාශයක් සිදු කර ඇත්දැයි යන්න පිළිබඳව අවධානය යොමු වූ අතර factcrescendo කළ විමර්ශනයේදී තහවුරු වූයේ ඔහු විසින් එවැනි සටහනක් හෝ වීඩියෝවක් හෝ  ඔහුගේ ප්‍රකාශයක් හෝ මෙතෙක් මුදා හැර නොමැති බවයි.

මෙි පිළිබඳ සිදුකල ගවේෂණාත්මක වාර්තාව පහතින් :

ධනුෂ්ක ගුණතිලකට මැක්ස්වෙල්ගෙන් සහය?

හතු ආහාරයට ගන්න සොයන ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය අංශවලින් උපදෙසක්

හතු හට ගැනීමේ සමය ආරම්භ වීමත් සමග විවිධ හතු වර්ග ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

Read More »

යුපුන් අබේකෝන් ඉතාලියේදී ශ්‍රී ලංකාවේ නම බබළවයි

ඉතාලියේ පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 Serie-1 තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් පළමු ස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා.

Read More »