ධනුෂ්ක සිඩ්නි බන්ධනාගාරයකට – යළි නඩුව ජනවාරි 12

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි හි බන්ධනාගාරයක් වෙත ඊයේ රාත්‍රියේ රැගෙන ගොස් තිබෙනවා.

ඔහුට එරෙහි මීලග නඩු වාරය යෙදී ඇත්තේ ලබන ජනවාරි 12 වනදාටයි.

ඊයේ උදෑසන සිඩ්නි අධිකරණය හමුවේ ඔහුගේ නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත් රොබට් විලියම්ස් විසින් ධනුෂ්කට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ලිංගික අපරාධ සම්බන්ධයෙන් වන නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත නීති මෑතකදී දැඩි කර තිබීම සහ සැකකරු විදේශීය පුද්ගලයෙකු වීමේ පදනම යටතේයි මහෙස්ත්‍රාත්වරයා විසින් ධනුෂ්කට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණේ.

මේ අතර ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥ ආනන්ද අමරනාත් සඳහන් කලේ සිය සේවාදායකයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

කෙසේවෙතත් එහිදීද ඇප ලබාදුනහොත් නඩුව අවසන් වන තුරු ඔහුට ඔස්ටේ්‍රලියාවේම සිටීමට සිදුවනු ඇති බවයි නීතිඥ ආනන්ද අමරනාත් පවසා සිටියේ.

එල්ල වී ඇති චෝදනා බරපතල බැවින්, අධිකරණ ක්‍රියාවලිය අවසන් වීමට වසරකට වැඩි කාලයක් ගතවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ධනුෂ්ක ගුණතිලකගේ නීතිමය වියදම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරනු ඇති.

මේ අතර, ධනුෂ්ක ගුණතිලකට වහාම ක්‍රියාත්මක වන පරිදි සියලූ ආකාරයේ ක්‍රිකට් තරග තහනම් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව නිවේදනය කර සිටියා.

හතු ආහාරයට ගන්න සොයන ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය අංශවලින් උපදෙසක්

හතු හට ගැනීමේ සමය ආරම්භ වීමත් සමග විවිධ හතු වර්ග ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

Read More »

යුපුන් අබේකෝන් ඉතාලියේදී ශ්‍රී ලංකාවේ නම බබළවයි

ඉතාලියේ පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 Serie-1 තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් පළමු ස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා.

Read More »