නවසීලන්තයට ළකුණු 65 ක ජයක්

පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් නවසීලන්තයට ළකුණු 65 ක ජයක් හිමිවෙයි.

සිඩ්නි ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්විණි.

පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – නවසීලන්ත සුපිරි 12 වටයේ තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ළකුණු 167 ක් ලබාගත්තා.

ඒ අනුව තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය ළකුණු 168 ක්.

ශ්‍රී ලංකාවට එරෙහිව ග්ලෙන් ෆිලිප්ස් ශතකයක් වාර්තා කළේය. (104)

පන්දුවාර 19යි පන්දු 02ක් අවසානයේ සියලුදෙනා දැවී ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූයේ ලකුණු 102ක් පමණි.

සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ ගින්නක් නිසා 2500 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

අද ආරම්භ කිරීමට ගිය ඉන්දු ලංකා මගී යාත්‍රා සේවයට බාධාවක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

Read More »

විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයයි

නිව්යෝක් නගරයේ නිවසකදී පොලිස් වෙඩි පහරින් 19 හැවිරිදි මානසික ආබාධයක් සහිත තරුණයෙකු මියයාමේ සිද්ධියක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »