කොවිඩ් බව වසන් කල මෙල්බන් හෙදියකට $ 25,000 ක දඩයක්

කොවිඩ් ආසාධිත බව දැනුවත්ව Aged care මධ්‍යස්ථානයක සේවය කල මෙල්බන් හෙදියකට ඩොලර් 25,000 ක දඩයක් නියම කර තිබෙනවා.

36 හැවිරිදි ඇය Moorabbin මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි මෙම දඩය නියම කර ඇත්තේ.

කොවිඩ් පරීක්ෂණයක් සඳහා පෙනී සිටින ලෙසත් එහි ප්‍රථිඵලය ලැබෙන තුරු සේවයට නොයන ලෙසත් වෛද්‍යවරයා විසින් උපදෙස් ලබාදී තිබියදිත් මෙම තැනැත්තිය 2020 වසරේ ජූලි 26 හා 27 යන දිනවලදී Highett හි Menarock Aged Care වෙත රැකියාවට ගොස් තිබෙනවා.

රැකියා ස්ථානයටද ඇය දන්වා තිබුණේ තමාට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවටයි.

ජූලි 30 වනදා මෙම තැනැත්තිය කොවිඩ් ආසාධිත බවට තහවුරු වූ අතර එහි නේවාසිකයෙකුද කොවිඩ් ආසාධිත බව පසුව තහවුරු කර ගැණුනා.

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් රෙගුලාසි කඩ කිරීමේ චෝදනාව යටතේ අදාළ හෙදියට එරෙහිව නඩු පැවරීමටයි බළධාරීන් පියවර ගනු ලැබුවේ.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »