අද තරගයට වැදගත් Geelong කාළගුණය මෙන්න

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ A කාණ්ඩයේ මේ වනවිට ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයේ පසුවෙයි.

මේ දක්වා පැවති තරගවල ප්‍රතිඵල අනුව නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටී.

ඒ හේතුවෙන් සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගය අනිවාර්යෙන් ජයගත යුතුව ඇත.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් නැමීබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පැවැත්වෙන අනෙක් තරගයේ ප්‍රතිඵලය මත ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය වනු ඇති බව විචාරක මතයයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ඉදිරි ගමන තීරණය කිරීමට වර්ෂාව ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබේ.

මෙවැනි තත්ත්වයක් මත Geelong කාලගුණ අනාවැකිය පිළිබඳව කාලගුණවිද්‍යා කාර්යාංශය පවසන්නේ අද Geelong නගරය ආශ්‍රිතව වර්ෂාව පතිත වීමේ සම්භාවිතාව ඉතා අඩු මට්ටමක පවතින බවය.

ඒ අනුව Geelong නගරයට අද දිනයේ වර්ෂාව පතිතවීමේ සම්භාවිතාව පවතින්නේ සියයට 5ක පමණ ඉතා අඩු අගයකය.

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »