Medicare අවභාවිත ගැන සෞඛ්‍ය ඇමතිගෙන් විමර්ශනයක්

Medicare ආශ්‍රිතව සිදුව ඇතැයි පැවසෙන ඩොලර් බිලියන 08 ක පමණ මුදල් වංචාව පිළිබඳ ස්වාධීන විමර්ශනයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය ඇමති මාර්ක් බට්ලර් තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය පද්ධතිය විසින් වැය කරන සෑම ඩොලරයක්ම අයථා නොවන වියදමක් විය යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

ඔහු මේ බව සඳහන් කලේ ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන කිහිපයක් විසින් Medicare ආශ්‍රිතව වාර්ෂිකව සිදුවන ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් සිදුකර ඇති ගවේෂණාත්මක හෙළිදරව්වක් පිළිබඳ ප්‍රතිචාර දක්වමිනුයි.

දැනටමත් මියගොස් ඇති පුද්ගලයන් වෙනුවෙන් බිල්පත් නිකුත් කිරීම සහ සැබෑ වශයෙන්ම නොගත් සේවා සඳහා ගාස්තු අය කල බව දක්වමින් බිල්පත් නිකුත් කිරීමත් මෙහිදී සිදුවන බව සඳහන්.

ඒ අනුව හරහා නැවත මුදල් ලබාගැනීම තුළින් මෙලෙස ඩොලර් බිලියන ගණනක වංචා සිදුවන බවයි අනාවරණ කර ඇත්තේ.

වෛද්‍යවරුන් විසින් දැනුවත්ව මෙම වංචාව සිදුකරන බවටත් චෝදනා එල්ල වනවා.

Medicare සඳහා වසරකට වෙන් කරන ඩොලර් බිලියන 08 කට ආසන්න මුදලෙන් සියයට 30 ක් පමණ මෙම වංචාවට හසුවන බවයි ඒකාබද්ධ විමර්ශනයකදී අනාවරණ වී ඇත්තේ.

සෞඛ්‍ය ඇමති මාර්ක් බට්ලර් පෙන්වා දෙන්නේ වෛද්‍යවරුන්ගෙන් ඉතාම සුලු පිරිසක් දැනුවත්ව මෙම වංචාවේ නිරතවී ඇතැයි තම ස්ථාවරය බවයි.

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »

ඔලිව් තෙල් හැන්දකින් පාලනය කර ගත හැකි රෝග මෙන්න

හාවඩ් විද්‍යාඥයින් විසින් කරන ලද නව අධ්‍යයනයකට අනුව දිනපතා ඔලිව් තෙල් හැන්දක ප්‍රමාණයක් භාවිත කිරීමෙන් ඩිමෙන්ශියා රෝගයෙන් මිය යාමේ අවදානම අඩු කල හැකි බව සොයාගෙන තිබෙනවා.

Read More »

ලොව දිගම Baguette එක ප්‍රංශ බේකරි කණ්ඩායමක් නිපදවයි

ප්‍රංශ බේකරිකරුවන් පිරිසක් පැරිසියේ තදාසන්න ප්‍රදේශයක්වන සුරේස්නස් හි ලෝකයේ දිගම බෑගට් එකක් මීටර් 140.5 (අඩි 461) හදලා ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවලා තිබෙනවා.

Read More »