ජලගැලීම් නිසා කිසිවෙකු කුසගින්නේ නොතියන බව වික්ටෝරියා අගමැති කියයි

ජල ගැලීම් හමුවේ බලපෑම් එල්ල වූ ප්‍රදේශ යථාවත් කිරීම සඳහා ඩොලර් මිලියන 5.5 ක මුදලක් වෙන් කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Food Bank Victoria, Oz Harvest & Second Bite යන ක්‍රම සඳහා එම මුදල් වෙන් කිරීමට නියමිතයි.

ජල ගැලීම් හමුවේ වික්ටෝරියාවේ කිසිවෙකුත් කුසගින්නේ තැබීමට ප්‍රාන්ත රජය ඉඩ නොදෙන බව අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියා.

මේ අතර පසුගිය සතියේ බලපෑ ජලගැලීම් හමුවේ සිදුවූ හානිය ඩොලර් බිලියන ගණනක් විය හැකි බවට ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් පවසනවා.

හානිය තවමත් ගණනය කෙරෙමින් පවතින බවයි ඔහු සඳහන් කලේ.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »