වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට ආධාර කිරීමට ෆෙඩරල් රජය සුදානම්

ජල ගැලීම් හමුවේ පීඩා පැමින ඇති වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට ආධාර කිරීමට ෆෙඩරල් රජය සුදානම් බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

තමා මේ සම්බන්ධයෙන් විකටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් සමගද සාකච්ඡාවක් පැවැත්වූ බවයි ඔහු කියාසිටියේ.

වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් දැනටමත් සහන සැපයීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර ඊට පැය 05 ක් තුළදී ලැබී ඇති ආධාර ඉල්ලීම් සංඛ්‍යාව 2000 ඉක්මවා ගොස් තිබෙනවා.

වික්ටෝරියා පමණක් නොව නිවු සවුත් වේල්ස් සහ ටස්මේනියා ප්‍රාන්තවලටද අවශ්‍ය ආධාර සැපයීමට සූදානම් බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කර සිටියේ.

විදුලිය ඇණ හිටීම් – ජල ගැලීම් – නිවාස හානි හමුවේ වික්ටෝරියා ප්‍රාන්තවාසීන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා.

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »