වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 කට අදත් තද වැසි හා ජල ගැලීම්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්තවලට බලපා ඇති අධික වැසි සහ ගංවතුර තත්ත්වය ඉදිරි පැය කිහිපය තුළ තවත් දරුණු වනු ඇති බවට අනතුරු අගවා තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, ප්‍රාන්තයේ බස්නාහිර සහ මධ්‍යම ප්‍රදේශවලට ද බරපතල වර්ෂාවක් පතිත වීමේ අවදානමක් පවතින බවයි ප්‍රාන්ත හදිසි සේවා නිලධාරීන් සඳහන් කරන්නේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඊයේ රාත්‍රිය වනවිට ගංවතුර අනතුරු ඇගවීම් 70 කට වැඩි ප්‍රමාණයක් නිකුත් කර තිබුණා.

ටස්මේනියාවේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 250 ක් දක්වා වර්ෂාපතනයක් අපේක්ෂා කෙරෙනු ඇති.

අනතුරුදායක රිය පැදවීමෙන් වළකින ලෙස සියලු ප්‍රාන්තවල අවධානම් ප්‍රදේශවල රියදුරන්ට දැනුම්දී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »