ඔස්ටේ්‍රලියාවේ ලාංකික මහාචාර්යවරයාට ෆයිසර් සමාගමෙන් $ මිලියන 180 ක්

ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය උදන්ත අබේරත්න ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් සඳහා ෆයිසර් සමාගම විසින් ඩොලර් මිලියන 180 ක මුදලක් ලබා දී තිබෙනවා.

ඒ ඔවුන් විසින් යම් පුද්ගලයෙකුගේ කැස්සේ ශබ්දයට සවන් දීමෙන් අදාළ තැනැත්තා කොවිඩ් ආසාදිතයෙකුදැයි නිශ්චය කර ගත හැකි ආකාරයෙන් නිපදවන ලද දුරකථන යෙදවුම සඳහායි.

මෙම යෙදවුම ResApp Health Limited විසින් වැඩිදියුණු කිරීමෙන් අනතුරුව එහි සාර්ථකත්වය අත්හදා බලා ෆයිසර් සමාගම විසින් එය මිළදී ගෙන ඇති බව සඳහන්.

මූලික අත්හදා බැලීම්වලදී මෙම යෙදවුමෙහි සාර්ථකත්වය සියයට 92 ක් බවට තහවුරු කර තිබුණා.

කොවිඩ් – වෙනත් නියුමෝනියා තත්වයක් හෝ ඇදුම වැනි රෝග තත්වයන් වෙන් වශයෙන් හඳුනාගැනීමට ද ඊට හැකිවීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »