නෙලුම් කුළුණේ සිටත් BUNGEE JUMPING

විදේශවල ප්‍රචලිත ත්‍රාසජනක ක්‍රීඩාවක් වන BUNGEE JUMPING ක්‍රීඩාව 2023 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට නියමිතය.

ඒ අනුව, නෙළුම් කුලුනේ සිට BUNGEE JUMPING කිරීමට අවස්ථාව හිමිවන අතර BUNGEE සමාගම සහ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීය.

එහිදී අදහස් දැක්වූ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ,

“මේගොල්ලන්ගේ 50,000ක් විතර වෙනම ටීම් එකක් ඉන්නවා.. රටවල්වලට ගිහිල්ලා BUNGEE JUMPING කරන. මෙතන අලුත් තැනක් නිසා මේ 50,000 ම මෙතනට ගෙන්න තමයි මෙයාලා බලන්නේ. අපේ රටට විදේශිකයින්, සංචාරකයින් ගේන්න ලොකුම අවස්ථාවක් මේක. මීටර 350ක් ඉහළ ඉඳන් පනින්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති ඒ අය පනින විදිය. ඒක වෙනම අත්දැකීමක්. ඒවාට ආස අය ඉන්නවා. ජනවාරි 1 සිට දවසකට පැනුම් වාර 100ක් කරන්න සැලසුම් කරනවා. ඊට අමතරව, රාත්‍රි කාලයේ පැනුම් වාර 30 – 40ක් පමණ..නෙළුම් කුලුන රාත්‍රියේ වර්ණවත් කරාට පස්සේ.” 

“විදේශිකයින්ට හා දේශීය අයට ගාස්තු වර්ග දෙකක් තියෙනවා. ලංකාවේ අයට අඩු ගාස්තුවක් අය කරන්න හදන්නේ. දෙසැම්බර් මාසයේ කැමති අය වෙනුවෙන් තරගයක් තියලා තෝරාගන්නා කිහිපදෙනෙකුට නොමිලේ අවස්ථාවක් දෙන්න බලාපොරොත්තුවෙනවා.”

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »