වික්ටෝරියා දරුවන්ගෙන් අඩකට කාංසාව

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමුන් අතුරින් අඩකට ආසන්න සංඛ්‍යාවක් කාංසාව (anxiety) තත්වයෙන් පෙළෙන බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම තම දරුවාට විද්වත් සහයක් අවශ්‍යදැයි නිශ්චිතව පැවසිය හැකි දෙමව්පියන්ගේ සංඛ්‍යාව 1/3 ක් වැනි අගයක් ගන්නා බවයි මෙහිදී හෙළිවී ඇත්තේ.

කොවිඩ් වසංගතයත් සමග ඇතිවූ විවිධ සමාජීය කරුණු හේතුවෙන් ළමුන් අතර මානසික ගැටලුවල ඉහළයාමක් නිරීක්ෂණය වී තිබෙනවා.

වයස අවුරුදු 03 ත් 17 ත් අතර ළමුන් 2000 කට වැඩි පිරිසකගේ දෙමව්පියන් යොදාගනිමිනුයි මෙම අධ්‍යයනය සිදුකර තිබුණේ.

කාංසාවේ ලක්ෂණ ලෙස සැළකෙන්නේ නිදා ගැනීමේ ගැටලු – හිසරදය – උදරාබාධ සහ ආහාර ගැනීමේ ගැටලුයි.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »