විශ්ව විද්‍යාල හා TAFE පාඨමාලා සඳහා නව වෙනස්කම් රැසක්

විශ්ව විද්‍යාල සහ TAFE අධ්‍යාපන ආයතනවල පාඨමාලා සඳහා ප්‍රතිපාදන සපයන ක්‍රමවේදයේ වෙනසක් සිදුකල යුතු බවට ඵලදායිතා කොමිසම විසින් නිර්දේශ කර තිබෙනවා.

සිසුන්ට සෘජුවම මුදල් හිමිවන වවුචර ක්‍රමයකට යා යුතු බවයි ඔවුන්ගේ ස්ථාවරය වන්නේ.

දැනට TAFE සඳහා ප්‍රාන්ත රජයන් විසින් ප්‍රතිපාදන සපයන අතර විශ්ව විද්‍යාල මෙන්ම ශිෂ්‍ය ණය සඳහා මූල්‍යාධාර සපයන්නේ ෆෙඩරල් රජය විසිනුයි.

මෙම ණය ක්‍රමය හේතුවෙන් බොහෝ සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල සඳහා යොමුවන බැවින් TAFE සඳහා යන සිසුන්ගේ අඩුවක් නිරීක්ෂණය වන බවයි ඵලදායිතා කොමිසම පෙන්වා දෙන්නේ.

මෙය වෘත්තීය පුහුණුව ලැබීමට පෙළඹෙන සිසුන් සංඛ්‍යාව අඩු කිරීමටත් රැකියා හිගය තවත් ඉහළ යාමටත් බලපාන බව ඔවුන් තවදුරටත් සඳහන් කරනවා.

එබැවින් ඩිප්ලෝමා මට්ටමේ සිටම ශිෂ්‍ය ණයක් ලබාගත හැකි වන පරිදි TAFE පාඨමාලා ක්‍රමය වෙනස් කල යුතු බවයි ඵලදායිතා කොමිසම අවධාරණය කර සිටින්නේ.

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »