ලබන මස ඡන්දෙන් පසු වික්ටෝරියාවේ බදු ඉහළට ?

ලබන මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගතහොත් ප්‍රාන්ත රජය විසින් ලබාගන්නා රාජ්‍ය ණය සඳහා උපරිම සීමාවක් පණවන බවට වික්ටෝරියා ප්‍රාන්ත විපක්ෂය ප්‍රතිඥා දෙනවා.

ඉදිරි වසර කිහිපය සඳහා වික්ටෝරියා ප්‍රාන්ත ආර්ථික වැඩපිළිවෙලට මෙම යෝජනාවද අන්තර්ගත බවයි විපක්ෂ ලිබරල් සන්ධානය පවසන්නේ.

මෙම වසර අවසානය වනවිට වික්ටෝරියා ප්‍රාන්තය විසින් ගෙන ඇති සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 101.9 ක් ලෙස පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එය ක්වීන්ස්ලන්ඩ් – නිවු සවුත් වේල්ස් සහ ටස්මේනියා යන සියලු ප්‍රාන්ත විසින් ගෙන ඇති ණය සියල්ලේ එකතුවද ඉක්මවා යාමක් බවටයි වික්ටෝරියා ප්‍රාන්ත විපක්ෂය චෝදනා කර සිටින්නේ.

මෙම තත්වය පාලනය කරගැනීමට රාජ්‍ය ණ්‍ය සීමා කිරීමටත් බදු ඉහළ දැමීමටත් සිදුවන බවට වික්ටෝරියා විපක්ෂය අනතුරු අගවා සිටිනවා.

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »