නාමල් නැවතත් ක්‍රීඩා ඇමතිකමට ???

ක්‍රීඩා සංගම් නිලධාරීන් – හිටපු ක්‍රීඩකයින් – පුහුණුකරුවන් පිරිසක් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මුණ ගැසී ඇති බව ක්‍රීඩා ක්ශේත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම නිලධාරීන් හිටපු ක්‍රීඩකයින් සහ පුහුකරුවන් නාමල් රාජපක්ෂට පවසා ඇත්තේ මේ වනවිට අමාත්‍යාංශය අත්තනෝමතික ලෙස ක්‍රීඩා පාලනය කිරීමට සූදානම් වන බවත් නිසි සැලසුම් හා අනාගත දැක්මක් නොමැති කමින් දැන් ශ්‍රීලංකාවේ ක්‍රීඩාවන් අයාලේ යන බවයි.

නිශ්චිත සැලසුමක් නොමැතිව කරන මේ කටයුතු නිසා ක්‍රීඩාවේ අනාගතය ඇත්තේ දැඩි අවධානමක බවත් ඔවුන් නාමල් රාජපක්ෂට පෙන්වා දෙන ලදී.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය වහාම නාමල් රාජපක්ෂ ට ලබා ගන්නා ලෙස එම නිලධාරීන්,හිටපු ක්‍රීඩකයින් හා පුහුණු කරුවන් ඉල්ලීමක් කර ඇත.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙහිදී පවසා ඇත්තේ ඇමතිකමක් ලබා ගැනීමට තමාගේ කැමැත්තක් නැති බවත් අවශ්‍යනම් අමාත්‍යාංශය භාරගෙන කටයුතු කිරීමට සූදානම් බවයි.

පසුගිය සතියේදී ක්‍රීඩා කර්මාන්ත වරාය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක අමාත්‍යවරුන් වෙනස් වන බවටද දේශපාලන ක්ශේත්‍රයේ කතා බහකට ලක්විය.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »