Smartwatch භාවිත කරමින් රිය පදවන අයට රතු එළියක්

Smartwatch භාවිත කරමින් රිය පැදවීමද දඩ නියම කල හැකි මාර්ග නීති අතරට අයත් බවට ප්‍රාන්ත කිහිපයක් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව රිය ධාවනයේදී ජංගම දුරකථන භාවිතය හා සමාන අයුරින් එම දඩ නියම කෙරෙනු ඇති.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේදී ඩොලර් 362 ක දඩයක් සහ අප්‍රසාද ළකුණු 05 ක්ද / වික්ටෝරියා ප්‍රාන්තයේ ඩොලර් 484 ක දඩයක් සහ අප්‍රසාද ළකුණු 04 ක් ද / බටහිර ඔස්ටේ්‍රලියාවේ ඩොලර් 300 ක දඩයක්ද නියම කිරීමට නියමිතයි.

ටස්මේනියාවේදී ඩොලර් 173 ක දඩයක් – Northern Territory හි ඩොලර් 500 ක දඩයක් සහ ACT හි ඩොලර් 487 සිට 598 දක්වා දඩයක් නියම කෙරෙනු ඇති.

ක්වීන්ස්ලන්ඩ් සහ දකුණු ඔස්ටේ්‍රලියාවේ සම්බන්ධයෙන් නිශ්චිත දඩයක් නියම කර නැතත් මාර්ග ආරක්ෂණ රෙගුලාසිවලට අනුකූලව දඩුවම් නියම කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »