අද පෙට්‍රල් ශෙඩ් වෙත එන ඔස්ටේ්‍රලියානුවන්ගේ ඉහළයාමක්

fuel

අද පෙරවරුවේ සිට ඉන්ධන ලබාගැනීම සඳහා පැමිණෙන ඔස්ටේ්‍රලියානුවන්ගේ සංඛ්‍යාවේ ඉහළයාමක් නිරීක්ෂණය වනවා.

පසුගිය මාර්තු මාසයේදී ලබාදුන් ඉන්ධන බදු සහනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමයි ඊට හේතුව වන්නේ.

හෙටින් පසු ඔස්ටේ්‍රලියාව තුළ පෙට්‍රල් මිළ ගණන් ඉහළ යනු ඇතැයි වාර්තා පළවීමත් සමගයි අද දිනයේදී ඉන්ධන වැඩි වශයෙන් ලබාගැනීමට ඔස්ටේ‍රිලියානුවන් පෙළඹී ඇත්තේ.

කෙසේවෙතත් බදු සහනය ඉවත් කල පමණින් හෙට සිටම ඉන්ධන මිළෙහි වැඩිවීමක් අපේක්ෂා නොකෙරෙන බව ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් සඳහන් කලා.

ඉන්ධන බදු සහනය ඉවත් කිරීමත් සමග ඉදිරි දිනවලදී පෙට්‍රල් ලීටරය ඩොලර් 02 ඉක්මවා යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »