ලංකාවෙන් තවත් ගුවන් සේවයක්

ශ්‍රී ලාංකීය සමාගමක් වන Fits Aviation විසින් FitsAir සිය අඩු වියදම් ගුවන් සේවය (Low-cost airline) එළඹෙන ඔක්තෝබර් 05 දින සිට වානිජ මෙහෙයුම් ආරම්භ කරනු ලබන බව නිවේදනය කර සිටී.

ඒ අනුව FitsAir මංගල ගුවන් ගමන කොළඹ සිට ඩුබායි දක්වා ඔක්තෝබර් 05 දින සිදුකෙරෙනු ඇත.

මීට අමතරව මාලේ සහ ට්‍රිචි යන ගමනාන්ත වෙත ද FitsAir සිය මගී ගුවන් සේවා ආරම්භ කිරීමට නියමිතය.

Fits Aviation යනු Aberdeen Holdings සමූහයේ සාමාජික සමාගමකි.

මීට පෙර එය EXPO Aviation නමින් භාණ්ඩ පරිවහන කර්මාන්තයේ වසර 25 ක කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියනු ලබයි.

ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වන පීටර් හිල් FitsAir මගී මෙහෙයුම් උප සභාපතිවරයායි.

පසුගිය දා කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු පැවසුවේ FitsAir කාර්ය මණ්ඩලය 100% ක්ම ශ්‍රී ලාංකිකයින්ගෙන් සමන්විත බවයි.

පීටර් හිල් මහතා පවසන පරිදි කොළඹ – ඩුබායි ආපසු පැමිණීමේ (return) ටිකට්පත් ගාස්තුව රු. 175,600 සිට ක්‍රියාත්මක් වන බවයි.

මීට අමතරව කොළඹ – මාලේ නැවත පැමිණීමේ (return) ගුවන් ටිකට්පත් මිල රු . 122,100 සිට ආරම්භ වනු ඇත.

FitsAir වානිජ ගුවන් ගමන් කොළඹ සිට ඩුබායි දක්වා ඔක්තෝබර් 05 වන දා ඇරඹෙන අතර කොළඹ සිට මාලේ දක්වා ගුවන් ගමන් ඔක්තෝබර් 10 දින ආරම්භ වීමට නියමිතය.

මීට අමතරව කොළඹ සිට ට්‍රිචි දක්වා ගුවන් ගමන් ඔක්තෝබර් 28 දින සිට ඇරඹෙනු ඇත.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »