දත්ත සොරාගත් ඔප්ටස් ගණුදෙනුකරුවන්ට අලුතින් රියදුරු බලපත්

ඔප්ටස් සමාගමේ සයිබර් ප්‍රහාරයට ගොදුරුවූ පාරිභෝගිකයන්ට නව රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට ප්‍රාන්ත රජයන් පියවර ගෙන තිබෙනවා.

නිවු සවුත් වේල්ස් – ක්වීන්ස්ලන්ඩ් – වික්ටෝරියා – දකුණු ඔස්ටේ්‍රලියා ඇතුලු ප්‍රාන්ත රජයන් විසින් ඊට අදාල ක්‍රමවේදයන් මේ වනවිටත් ප්‍රකාශයට පත් කර අවසන්.

කෙසේවෙතත් ඇතැම් ප්‍රාන්ත විසින් අදාල පාරිභෝගිකයන් රියදුරු බලපත් ගාස්තුවෙන් මුදා හැර ඇති නමුත් ඇතැම් ප්‍රාන්ත නියමිත ගාස්තුව අයකරන බවයි දන්වා ඇත්තේ.

ඔප්ටස් සයිබර් ප්‍රහාරයේදී බහුතරයකගේ සොරාගත් දත්ත අතරට රියදුරු බලපත් අංකද වනවා.

එක් එක් ප්‍රාන්තය විසින් ඔප්ටස් පාරිභෝකියන්ට රියදුරු බලපත් ගාස්තු නිකුත් කරන ක්‍රමවේදය පිළිබඳ වැඩිදුර තොරතුරු පහතින් –

https://www.9news.com.au/national/optus-data-leak-drivers-license-replacement-process-fees-state-by-state/4f7e8956-75d5-4528-b7b6-c25ea803b4d7

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »