අබුඩාබි T10 ලීග් තරගාවලියට ලාංකික ක්‍රීඩකයින් 07 ක්

අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකු තෝරාගෙන තිබේ.

අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම ඊයේ සිදුකෙරුණි.

එහිදී කණ්ඩායම් 4 ක් වෙනුවෙන් මෙලෙස ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තෝරාගෙන ඇත.

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම් නායක දසුන් ශානක චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස තෝරා ගැනුණු අතර දසුන්ට අමතරව භානුක රාජපක්ෂ සහ මහීෂ් තීක්ෂණද චෙන්නායි කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති.

නොදර්න් වොරියර්ස් කණ්ඩායම සිය ප්‍රධාන ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගව තෝරාගෙත් අතර නොදර්න් වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ දුෂ්මන්ත චමීරයි.

ඊට අමතරව ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා තෝරාගැනුණි.

මේ අතර ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සුදුසුකම් ලැබුවේ තරගාවලියට අලුතින් එක්වූ කණ්ඩායමක් වන මොරිස්විල් සෑම්ප් ආර්මි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහාය.

අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6වන අදියර සඳහා කණ්ඩායම් 8ක් එළඹෙන නොවැම්බර් මස 23 වැනිදා සිට දෙසැම්බර් 4 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

වික්ටෝරියා ප්‍රාන්තයේ භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන පිරිස ඉහළට

ජීවන වියදම් පීඩනය මධ්‍යයේ භාවිත කරන ලද ඇඳුම් සහ විවිධ ගෘහ භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳ සැල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »