වික්ටෝරියා ප්‍රාන්තයෙන් බලශක්ති රැකියා 12,700 ක්

ඔස්ටේ්‍රලියාවේ විශාලතම බලශක්ති ගබඩා මධ්‍යස්ථානය වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදි කිරීමට සැළසුම් කර තිබෙනවා.

ඩොලර් බිලියන 1.7 ක වියදමින් ප්‍රාන්තයට හඳුන්වාදෙන බලශක්ති පැකේජයට එයද ඇතුළත් බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ.

2030 වසර වනවිට ගිගාවොට් 2.6 ක ධාරිතාවයක් මෙහි ගබඩා කිරීමට සැළසුම් කර ඇති අතර 2035 වසර වනවිට එය ගිගාවොට් 6.3 දක්වා ඉහළ දැමීමට යෝජිතයි.

මේ යටතේ නව රැකියා අවස්ථා 12,700 ක් බිහිවනු ඇති බවයි වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ.

ප්‍රධාන ව්‍යාපෘතියට සමගාමීව තවත් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපෘති ගණනාවක්ද ආරම්භ කෙරෙනු ඇති.

 

 

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »