සිඩ්නි $ 50 වවුචරවල වලංගු කාලය ලබන 09 න් අවසන්

සිඩ්නි ප්‍රාන්තවාසීන්ට ලබාදුන් ඩොලර් 50 ක වවුචරවල වලංගු කාලය ලබන 09 වනදායින් අවසන් වන බව ප්‍රාන්ත රජය දන්වා සිටිනවා.

එබැවින් මෙතෙක් භාවිත කර නොමැති වවුචර වෙතොත් හැකි ඉක්මණින් භාවිතයට ගන්නා ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.

පාසල් නිවාඩු සමය එළඹීමත් සමග නිවාඩුවක් ගත කිරීමට යනවිට – චිත්‍රපටයක් නැරඹීමට හෝ වනෝද්‍යානයකට යාමේදී මෙම වවුචර භාවිත කල හැකියි.

කොවිඩ් වසංගත සමය එළඹීමත් සමග කඩාවැටුණු සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීම සඳහායි මෙම ඩොලර් 50 වවුචර්පත් ලබාදීම සිදුකෙරුනේ.

වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත වාසියෙකුට මේ සඳහා අයදුම් කල හැකි වනවා.

සමස්ත වවුචර්පත් වල වටිනාකම ඩොලර් මිලියන 500 ක්.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »