පවුම කඩා වැටේ – ලෝක ආර්ථිකය උඩු යටිකුරු වෙයි

ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම වාර්තාගත අන්දමට පහළ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂාව, බි්‍රතාන්‍ය ස්ටර්ලිං පවුම මෙසේ පහළ වැටුණේ 1971 වසරෙන් පසුව බවය.

විශාල වශයෙන් ලබාගත් ණය යොදාගෙන එරට ජනතාවට බදු සහන ලබාදීමට සැලැස්මක් බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍යංශ බලධාරීන් එළිදැක්වීමත් සමග එරට මූල්‍ය වෙළෙඳපොළෙහි දැඩි වෙනසක් සිදුව තිබුණි.

අමෙරිකානු මහ බැංකුව දිගින් දිගටම පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමට දැඩි බලපෑමක් එල්ලවී තිබේ.

ආසියානු මූල්‍ය වෙළෙඳපොළෙහි ඩොලරයට සාපේක්ෂව යුරෝ වේ වටිනාකමද වසර 20කට පසු අඩුම අගය වාර්තාකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »