සයිබර් ප්‍රහාරය හමුවේ බලපෑම් එල්ලවූ ඔප්ටස් පාරිභෝගිකයන්ට වන්දි

සයිබර් ප්‍රහාරය හමුවේ බලපෑම් එල්ලවූ පාරිභෝගිකයන්ට වන්දි ලබාදීමට ඔප්ටස් සමාගම සූදානම් වනවා.

ඒ අනුව වසරක කාලයක් පුරා අදාළ ගනුදෙනුකරුවන්ට ජංගම දුරකථන රක්ෂණාවරණයන් හිමිවීමට නියමතියි.

සිය පාරිභෝගිකයන් ලක්ෂ 10 කගේ පමණ පුද්ගලික දත්ත සොරාගැනීමට ලක්ව ඇයි ඔප්ටස් සමාගම මේ වනවිට පිළිගෙන තිබෙනවා.

ඔස්ටේ්‍රලියාව තුළ සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් නව රෙගුලාසි මාලාවක් ප්‍රකාශයට පත් කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ ඔප්ටස් සමාගම දින කිහිපයකට පෙර ගොදුරුවූ දැවැන්ත සයිබර් ප්‍රහාරය පාදක කරගෙනයි.

නව නීති යටතේ කිසියම් ප්‍රමුඛ පෙළේ ආයතනයක් සයිබර් ප්‍රහාරයකට ගොදුරුවූ විට බැංකු ඇතුලු ආයතන ගණනාවක් ක්ෂණිකව දැනුවත් කෙරෙනු ඇති.

ඒ අනුව ඔවුන් විසින්ද සිය ගණුදෙනුකරුවන් දැනුවත් කිරීමක් සිදුවනවා.

දැනට බලාත්මක නීති අනුව සයිබර් ප්‍රහාරයක් සිදුවූ වහා ගණුදෙනුකරුවන් දැනුවත් කිරීමට අවස්ථාවක් පවතින්නේ නැහැ.

Optus සමාගමට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ලවීමෙන් අනතුරුව dark web සහ අන්තර්ජාල forum පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීමට ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය පියවර ගෙන තිබෙනවා.

සොරා ගැනීමට ලක්වූ බව පැවසෙන දත්ත, ඇතැම් අන්තර්ජාල forum හරහා අලෙවි කෙරෙන බවට වන වාර්තා ඊට හේතුවයි.

ඊ-මේල් ලිපින – උපන්දින – පුද්ගල නාමයන් – දුරකථන අංක – ගුවන් ගමන් බලපත් අංක සහ රියදුරු බලපත් අංක මෙලෙස අලෙවි කෙරෙන බව සඳහන්.

කෙසේවෙතත් Optus සමාගම විසින් මෙය මේ දක්වා නිල වශයෙන් සනාථ කර නැහැ.

ඔස්ටේ්‍රලියානු නීතියට අනුව සොරාගත් දත්ත මිළදී ගැනීම දඩයක් සහ වසර 10 ක උපරිම සිර දඩුවමක් නියමවිය හැකි වරදක් වනවා.

සයිබර් ආරක්ෂණ සමාගම් කිහිපයක් විසින් තහවුරු කර ඇත්තේ සොරාගත් දත්ත රැසක් අන්තර්ජාල forum හරහා අලෙවි වෙමින් පවතින බවයි.

එහෙත් ඒවා Optus සමාගමෙන් සොරාගත් ඒවාද යන්න Optus සමාගම විසින් පැහැදිලි ප්‍රකාශයක් කල යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

ළමයින් අතර පැතිර යන රෝගී තත්වයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුඩා ළමයින් අතර නියුමෝනියා රෝගීන් වැඩිවී පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඕස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්නවා නම් මේ අවස්ථාව මගහරින්න එපා

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »