යළි දෙමව්පියන් සරණට එන ඔස්ටේ්‍රලියානුවන් ඉහළට

ඉහළ යන ජීවන වියදම හමුවේ නැවත දෙමව්පියන් සමග වාසය කිරීමට පැමිණෙන ඔස්ටේ්‍රලියානුවන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබෙනවා.

පසුගිය වසර තුළදී එලෙස පැමිණි ප්‍රතිශතය සියයට 13 ක් හෙවත් නිවාස 858,000 කට ආසන්න වන බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.

පුද්ගලයන් 1058 දෙනෙකු යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබුණා.

ඊට සහභාගීවූවන්ගෙන් සියයට 05 ක් පවසා තිබුණේ තමන් දැනටමත් දෙම්ව්පියන්ගේ නිවසට යළි පදිංචියට ගොස් ඇති බවයි.

ඉතාම නුදුරේදී තවත් සියයට 04 ක් එලෙස යාමට බලාපොරොත්තු වන බවද සඳහන් කර තිබුණා.

සියයට 36 කට ආසන්න පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ නිවාස කුළිය ගෙවා ගත නොහැකිව තමන් නැවතත් දෙම්ව්පියන් වෙත පැමිණි බවයි.

ඔස්ට්‍රේලියාවට යන්න ඕන විදිය ගැන හරියටම දැනගන්න ශ්‍රී ලංකාවේ අයට හොඳ අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන හෙට (04) පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »

ඩොලර් මිලියන ගණනක ලොතරැයි ජයක් නිසා ජයග්‍රාහිකාවට කම්පනයක්

ඩොලර් මිලියන 4.8ක ලොතරැයි ජයක් ජයග්‍රහණය කිරීමේ පුවත සැලවීමත් සමග ජයග්‍රාහී කාන්තාව කම්පනයට පත්වු පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

Read More »

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »