ලංකාවේ මන්දපෝෂණයක් නෑ – වේලක් දෙකක් නොකෑවට අවුලක් නෑ

ලංකාව තුළ ළමා මන්දපෝෂණය ඇති බවට පළ වන මතවාදයන් ප්‍රතික්ෂේප කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

මෙරට මන්ද පෝෂණය ඇති බව පවසන්නේ එහි යම් යම් දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ වෛද්‍යවරුන් විසින් බව එම සංසදයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න සඳහන් කරයි.

තමන් වෛද්‍යවරයෙක් ලෙස මෙරට කිසිදු මන්දපෝෂිත පුද්ගලයෙක් දැක නැති බවත් අප්‍රිකාවේ පින්තූර වලින් නම් දැක ඇති බවත් හෙතෙම පැවසීය.

ලංකාවේ කියන තරම් ලොකු අවුලක් නැති බව පැවසූ ඔහු තම සායනවලට එන අය දෙස බැලූ විට ලංකාවේ ඇත්තේ අධි පෝෂණ තත්ත්වයක් ඇයි ද සඳහන් කළේය.

ආහාර වේලක් දෙකක් මගේ මගහැරීම ශරීරයට ඉතාම හොඳ බවද හෙතෙම තව දුරටත් පැවසීය.

සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියා සිටියේ මන්දපෝෂණය යන වචනය ඉදිරියට දමාගෙන විවිධ පෝෂණ අතිරේක විකුණන සමාගම් වල ප්‍රචාරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන ආකාරයක් දිස්වන බව ය.

ඔවුන් මෙම අදහස් පළ කළේ කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »