NSW රාජ්‍ය සේවකයන්ට ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව නිවාඩු දෙගුණයකින් ඉහළට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ රාජ්‍ය සේවකයන් සඳහා හිමිවන ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව නිවාඩු සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ලබන ජනවාරි මාසයේ සිට වසරකට වැටුප් සහිත නිවාඩු 20 ක් ඔවුන්ට ඒ යටතේ හිමිවනු ඇති.

Casual සේවකයන් සඳහාද මෙම නිවාඩු අදාළ කිරීම තවත් විශේෂත්වයක්.

දැනට නිවු සවුත් වේල්ස් සේවකයන් සඳහා හිමිවන ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව නිවාඩු සංඛ්‍යාව දින 10 ක් වන අතර එය Casual සේවකයන්ට හිමිවන්නේ නැහැ.

මෙවන් සහනයක් ලබාදෙන පළමු ප්‍රාන්තය නිවු සවුත් වේල්ස් බවයි ප්‍රාන්ත කම්කරු අමාත්‍යවරිය අද පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කලේ.

පුද්ගලික අංශයද එම තීරණය අනුගමනය කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ඇය වැඩිදුරටත් කියාසිටියා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »