Student Visa ලාභීන්ට දී තිබූ සහනයක් ඉවතට

සේවක හිගය මග හරවා ගැනීමේ අරමුණින් ශිෂ්‍ය වීසා ලාභීන්ට ලබාදී තිබූ අසීමිත පැය ගණනක් රැකියා කිරීමේ සහනය ඉවත් කිරීමට ඔස්ටේ්‍රලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ ජූනි 30 වනදා සිට නැවතත් සති 02 කට පැය 40 ක උපරිමයක් පමණක් වන සීමාව බලාත්මක කෙරෙනු ඇති.

කෙසේවෙතත් එතෙක් ශිෂ්‍ය වීසා ලාභීන්ට නිවාඩු කාලවලින් බැහැරව පවා කැමති පැය ගණනක් සේවය කිරීමටත් – අධ්‍යයන පාඨමාලාව ආරම්භයට පෙර සිටම රැකියාවක නිරතවීමටත් අවස්ථාව හිමිවනවා.

කෙසේවෙතත් උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඔස්ටේ්‍රලියාවට පැමිණෙන ඕනෑම අයෙකු අධ්‍යයන පාඨමාලාවට මුල් තැන දිය යුතු බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

එමෙන්ම පාඨමාලා සඳහා සහභාගීවීමේ ප්‍රතිශතය සතුටුදායක මට්ටමක පවත්වාගෙන යා යුතු බවත් නැවත සිහිපත් කෙරෙනවා.

එමෙන්ම රැකියා ලබාදෙන්නන්ද නියමිත කම්කරු නීති අනුගමනය කල යුතු බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තවදුරටත් දන්වා සිටින්නේ.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »