වික්ටෝරියා ප්‍රාන්තයත් Face mask රෙගුලාසි ලිහිල් කරයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා තුළ මුහුණු ආවරණ භාවිතයද අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කර තිබෙනවා.

ඒ අනුව හෙට සිට දුම්රිය – බස් හෝ ට්‍රෑම් සේවා වලදී මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය වන්නේ නැහැ.

ටැක්සි සේවා – සංචාරකයන් ප්‍රවාහන සේවා වැනි අංශ සඳහාත් එම සහනය හිමිවනු ඇති.

කෙසේවෙතත් රියදුරන්ට හෝ මගීන්ට අවශ්‍ය නම් තවදුරටත් මුව ආවරණ පැළඳිය හැකි වනවා.

සෞඛ්‍ය අංශ කොවිඩ් ආසාධනය වී මෑතකදී සුවය ලැබූවන්ගෙන් සහ ආශ්‍රිතයන්ට දැනුම් දෙන්නේ අඛණ්ඩව මුව ආවරණ පැළඳීම වඩාත් යෝග්‍ය බවටයි.

මේ වනවිට බටහිර ඔස්ටේ්‍රලියා – දකුණු ඔස්ටේ්‍රලියා – ක්වීන්ස්ලන්ඩ් සහ නිවු සවුත් වේල්ස් යන ප්‍රාන්ත 04 ම පොදු ප්‍රවාහන සේවයේදී මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය වන්නේ නැහැ.

මේ අනුව පොදු ප්‍රවාහනයේදී මුව ආවරණ භාවිතය තවදුරටත් අනිවාර්යව පවතින්නේ ACT – Northern Territory සහ ටස්මේනියාවේ පමණයි.

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »