ඔස්ටේ්‍රලියාව ජනරජයක් විය යුතු ස්ථාවරය 46% කට අඩුවෙයි

ඔස්ටේ්‍රලියාව ජනරජයක් විය යුතු බවට ස්ථාවරය දරන පිරිස සියයට 46 ක් දක්වා අඩුවී තිබෙනවා.

02 වන එළිසබෙත් රැජිණගේ මරණයට පෙර එය සියයට 50 ඉක්මවා සටහන්වී තිබුණා.

කෙසේවෙතත් ගතවූ සති 02 ක කාලය තුළදී මහජන මතය සැළකිය යුතු ලෙස වෙනස් වී ඇති බවයි අද නිකුත් වු නවතම සමීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ.

අගමැති ඇන්තනී ඇල්බනීස්ද පසුගියදා සඳහන් කලේ අවම වශයෙන් 2025 වසර වන තෙක් හෝ ජනරජයක් වීමට අදාල ජනමත විචාරණයක් නොපත්වන බවටයි.

මේ අතර රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගීවීම සඳහා බ්‍රිතාන්‍යය බලා ගොස් සිටි අගමැති ඇන්තනී ඇල්බනීස් අද පෙරවරුවේ යළිත් සිඩ්නි ගුවන් තොටුපළට ළගාවී තිබුණා.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »