ක්වීන්ස්ලන්ඩ් ගිලන් රථ එන්න පැය 08 ක් ගොස් ඇතැයි චෝදනා

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඇතැම් රෝගීන්ට ගිලන් රථයක් එන තුරු සහ ගිලන් රථයෙන් රෝහලට යාමෙන් පසුව ඇඳක් ලැබෙන තුරු පැය 08 කට ආසන්න කාලයක් බලා සිටීමට සිදුවූ බව අනාවරණ වී තිබෙනවා.

ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය උච්ච අගයක පැවති පසුගිය ජූනි මාසයේදී මෙම තත්වය වාර්තා වී ඇති බව සඳහන්.

ජූනි මාසයේදී වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් රෝහල්ගත කෙරුණු දිනය ලෙස සටහන්වී ඇත්තේ ජූනි 30 වනදා වන අතර එදින රෝගීන් 642 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

අප්‍රේල් සහ ජූනි දක්වා කාලයේදී ගිලන් රථයේ සිට ඇඳක් දක්වා මාරු කිරීමේදී විනාඩි 30 ක් ඇතුළත එම කටයුතු සිදුකර ඇත්තේ රෝගීන්ගෙන් සියයට 35 කගේ පමණයි.

එහෙත් මේ වනවිට එම තත්වය යහපත් අතට පත්ව ඇති බව ද සඳහන්.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »