පෙට්‍රල් මිළ වැඩිවන දිනය ගැන ඉගියක්

පෙට්‍රල් බදු සහනය ලබන 28 වනදා මධ්‍යම රාත්‍රියේදී අවසන්වුවද ඊට පසු දිනම ඉන්ධන මිල ඉහළයාමක් අපේක්ෂා නොකරන බව ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසනවා.

අවශ්‍ය තරම් ඉන්ධන තොග සංචිත පැවතීම ඊට හේතුව බවයි අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ.

අඩු මිළ ගණන් යටතේ ආනයනය කරන ලද ඉන්ධන ලීටර් මිලියන 700 ක පමණ සංචිතයක් රට තුළ පවතින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මේ අතර රුසියාවෙන් මිළදී ගන්නා බොරතෙල් සඳහා උපරිම මිළ සීමාවක් පැණවීමටද ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

හැකිතාක් ඔවුන්ට පීඩනයක් එල්ලකිරීම එහි අරමුණ බවයි ජිම් චාමර්ස් සඳහන් කලේ.

ඔස්ට්‍රේලියාවට යන්න ඕන විදිය ගැන හරියටම දැනගන්න ශ්‍රී ලංකාවේ අයට හොඳ අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන හෙට (04) පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »

ඩොලර් මිලියන ගණනක ලොතරැයි ජයක් නිසා ජයග්‍රාහිකාවට කම්පනයක්

ඩොලර් මිලියන 4.8ක ලොතරැයි ජයක් ජයග්‍රහණය කිරීමේ පුවත සැලවීමත් සමග ජයග්‍රාහී කාන්තාව කම්පනයට පත්වු පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

Read More »

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »