රැජිනගේ දේහය රාජකීය සුරක්ෂිතාගාරයේ තැන්පත් කෙරේ

දශක 07 ක කාලයක් බ්‍රිතාන්‍යය ඇතුළු යටත්විජිත රාජ්‍යයන් පාලනය කළ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහය රාජකීය සුරක්ෂිතාගාරයේ තැන්පත් කර තිබෙනවා.

ඒ මීට පැය කිහිපයකට පෙර ශාන්ත ජෝර්ජ් රාජකීය දෙව් මැදුරේ පැවති අවසන් දේව මෙහෙය නිමවීමෙන් අනතුරුවයි.

භාර කිරීමේ මෙහෙය නිමකිරීමෙන් පසුව චාල්ස් රජු සහ රාජකීය පවුලේ සාමාජිකයින් දේවස්ථානයෙන් පිටව ගියා.

රාජ්‍ය ප්‍රධානීන් සහ විදෙස් නායකයන් 500 ක් ඇතුලූ 2,000 ක් පමණ රාජකීය අවමංගල්‍යය උත්සවය සඳහා ආරාධනා ලැබ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට පැමිණ සිටියා.

ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ ඇති රාජකීය සොහොන් ගැබ තුළ රැජිණගේ දේහය තැන්පත් කෙරුණේ රැජිණගේ ස්වාමිපුරුෂයා වන පිලිප් ආදිපාදවරයාගේ දේහය අසලිනුයි.

මෙලෙස රාජකීය සොහොන් ගැබ විවෘත කරනු ලබන්නේ වසර විස්සකට පසුව වීම ද විශේෂත්වයක්.

එම රාජකීය සොහොන් ගර්භයේ රැජිණගේ දෙමාපියන් වන හයවන ජෝර්ජ් රජුගේත්, එලිසබෙත් මව් රැජිණගේත්, සහෝදරිය වන මාග්‍රට් කුමරියගේත් දේහයන් තැන්පත් කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »