යුක්‍රේනයේ රඳවාගෙන සිටි ලාංකික සිසුන් මෙන්න

රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයේ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි බවට පැවසෙන ශ්‍රී ලාංකික ශිෂ්‍යයින් 7 දෙනාගේ ඡායාරූප මාධ්‍යට නිකුත්කර තිබේ.

යුක්‍රේන මාධ්‍යවේදිනී Maria Romanenko එම ඡායාරුප සිය ට්විටර් ගිණුමෙහි පළකර තිබුණි.

එම ශ්‍රී ලාංකිකයින් පිරිසට වදහිංසා කර තිබූ බවද ඇය පවසන්නීය.

https://twitter.com/rommari/status/1571610912142028802?s=46&t=IVUIbVHYWD5cmnTEme8Jbw

රුසියානු හමුදා විසින් යුක්රේනයේ කාර්කිව් කලාපයේ පසුගිය මාර්තු මාසයේ සිට රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික සිසුන් 07 දෙනෙකු බේරා ගැනීමට යුක්රේන හමුදා සමත්ව තිබෙනවා.

ඔවුන් සියලු දෙනා Kupyansk නම් වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිට ඇති බවයි යුක්රේන ජනාධිපති වොලොඩ්මිර් සෙලෙන්ස්කි උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම පිරිස භූගත බංකරයක රඳවනු ලැබ සිට ඇති බවද සඳහන්.

යුක්රේන හමුදා විසින් කාර්කිව් කලාපයේ සිදුකරන ලද මෙහෙයුමක් අතරතුරදී මෙම පිරිස ගලවාගෙන තිබෙනවා.

ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇති බවයි යුක්රේන ජනාධිපතිවරයා කියාසිටියේ.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »