කොවිඩ් වසංගතයට එරෙහිව අමතර $ බිලියන 1.4 ක්

කොවිඩ් වසංගතයට එරෙහිව කටයුතු කිරීම සඳහා අමතර ඩොලර් බිලියන 1.4 ක් වැය කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ඉන් ඩොලර් මිලියන 840 ක් Aged Care ආධාර වැඩසටහන සඳහා සහ ඩොලර් මිලියන 48 සිට 100 ක් දක්වා පවුලේ වෛද්‍යවරු ප්‍රමුඛ ශ්වසන සායන සඳහා ලබා දෙනු ඇති.

Aged Care – primary care – disability care සහ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ සෞඛ්‍ය සේවා – ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් සඳහා ආරක්‍ෂිත උපකරණ, ප්‍රතිකාර සහ රැපිඩ් කට්ටල මිලදී ගැනීමට තවත් ඩොලර් මිලියන 235ක් වැය කිරීමට නියමිතයි.

සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් සඳහන් කලේ වසංගතය මැඩලීම සඳහා දැනට පවතින වැඩපිළිවෙල දෙසැම්බර් 31 දක්වා දීර්ග කර ඇති බවයි.

මීට පෙර එම පියවර සැප්තැම්බර් 30 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණා.

කෙසේවෙතත් මෙරට තුළ කොවිඩ් රෝගීන් සංඛ්‍යාවේ දැඩි පහත වැටීමක් දක්නට ලැබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

ජූලි අග භාගයේ කොවිඩ් රැල්ලේ උච්චතම අවස්ථාවේ පැවති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මේ වන විට 85% කින් පමණ අඩු වී ඇති අතර, රෝහල් ගතවීම් 70% කින් පමණ අඩු වී ඇතැයි මාර්ක් බට්ලර් ප්‍රකාශ කලා.

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »