ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 50 කට හෙට සිට සතුටු ආරංචියක්

ඔස්ටේ්‍රලියානුවන් මිලියන 05 කට පමණ විවිධ සුභසාධක දීමනා වැඩිවීම හෙට (20) සිට බලාත්මක වනවා.

ඉහළ යන උද්ධමනය හමුවේ දීමනා වර්ග කිහිපයක් ඉහළ දැමීමට ෆෙඩරල් රජය මෙම මාසය මුළදී තීරණය කල අතර මේ අනුව වසර 30 කට පමණ පසුව එම දීමනා ඉහළම අගයකින් වැඩි කල පළමු අවස්ථාව මෙය වනු ඇති.

මේ යටතේ වැඩිහිටි විශ්‍රාම වැටුප – ආබාධිත විශ්‍රාම වැටුප සහ රැකවරණ දීමනාව තනි පුද්ගලයෙකුට සති 02 ක් සඳහා ඩොලර් 38.90 කින්ද යුවළක් සඳහා නම් ඩොලර් 58.50 කින්ද ඉහළ යනු ඇති.

JobSeeker, Parenting Payment, ABSTUDY – Rent Assistance යන දීමනාද හෙට සිට ඉහළ දමා තිබෙනවා.

ළමුන් නොමැති තනි පුද්ගලයෙකු සඳහා සති 02 කට හිමිවන JobSeeker දීමනාව වැඩි වන්නේ ඩොලර් 25.70 කින්.

ඒ අනුව එහි නව අගය ඩොලර් 677.20 ක් වනවා.

Parenting Payment දීමනාව තනි පුද්ගලයෙකු සඳහා සති 02 කට ඩොලර් 35.20 කින් වැඩි වන්නේ ඩොලර් 927.40 ක් දක්වායි.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »