මෙල්බන් ගිනිකොණ දිග භූමිකම්පාවක්

මෙල්බන් ගිණීකොණ දිග ප්‍රදේශයේ අද අලුයම සුලු භූ චලනයක් සිදුවී තිබෙනවා.

Port Phillip bay, Frankston යන ප්‍රදේශවලට අලුයම 5.40 ට පමණ එය දැනී ඇති බවයි භූ විද්‍යා අංශ සඳහන් කලේ.

මෙම කම්පනය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 2.4 ක් ලෙසයි.

Geoscience Australia ට අනුව කම්පනය පොළව අභ්‍යන්තරයේ කිලෝමීටර් 6 ක් ගැඹුරින් සටහන් වී තිබෙනවා.

පුද්ගලයන් 100 ත් 150 ත් අතර පිරිසක් කම්පනය තමන්ට දැණුනු බවටයි වාර්තා කර ඇත්තේ.

මෙමගින් කිසිදු ජීවිත හානියක් – දේපළ හානියක් හෝ සුනාමි අනතුරු අවධානමක් නැතැයි Victoria SES පවසනවා.

ඔස්ට්‍රේලියානුවන් වයසටත් කලින් වයසට යන හේතුව හඳුනා ගැනෙයි

පවතින මූල්‍ය ආතතිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් තම සමීපතමයින් සමග වාද විවාද ඇති කර ගැනීමේ ප්‍රවනතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

Read More »

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »