කසළ මගින් NSW ප්‍රාන්තවාසීන් $ මිලියන 800 ක් උපයයි

ප්‍රතිචක්‍රීකරණය සඳහා විවිධ ද්‍රව්‍ය ලබාදීමෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන් පසුගිය වසර 05 තුළදී උපයාගෙන ඇති මුදල ඩොලර් මිලියන 800 කට ආසන්න බවට තක්සේරු කර තිබෙනවා.

බෝතල් – කෑන් වර්ග සහ වෙනත් බහාලුම් වර්ග සියල්ල එකතුව බිලියන 08 ක් පමණ මෙලෙස භාරදී තිබූ බව සඳහන්.

පරිසරය ආරක්ෂා කර ගැනීමේ ප්‍රාන්ත රජයේ වැඩපිළිවෙලට මෙය යහපත් ප්‍රවණතාවයක් බව නිවු සවුත් වේල්ස් පරිසර ඇමති ජේම්ස් ග්‍රිෆින් පෙන්වා දෙනවා.

නිවු සවුත් වේල්ස් හි වැඩිහිටි ජනගහණයෙන් සියයට 80 ක් පමණම මෙම වැඩසටහනට දායක වී සිටින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙහිදී එකතුවු මුදල් අතුරින් ඩොලර් මිලියන 35 ක පමණ මුදලක් විවිධ ස්වේච්ඡා සංවිධාන වෙත ලබාදී ඇති බවද සඳහන්.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »