Working holiday visa ලාභීන්ට වික්ටෝරියා backpacker රැකියා

වික්ටෝරියා ප්‍රාන්තයේ backpacker ක්ෂේත්‍රයේ රැකියා පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා working holiday visa මත පැමිණෙන පුද්ගලයන් යොදා ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

දෙසැම්බර් මාසයට පෙර working holiday visa වීසා මත 70,000 කට අධික පිරිසක් ඔස්ටේ‍රලියාවට පැමිණෙනු ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.

ඉන් සැළකිය යුතු පිරිසක් මෙල්බන් නගරයට පැමිණෙනු ඇති බවටද පුරෝකථනය කර තිබෙනවා.

පසුගිය සති දෙකේදී යුරෝපයෙන් සහ දකුණු අමෙරිකාවෙන් ශිෂ්‍ය වීසා මත පැමිණ ඇති පිරිසෙහි විශාල ඉහළයාමක්ද දක්නට ඇති බවයි මෙල්බන් දත්ත වාර්තාවල දැක්වෙන්නේ.

ලබන වසරේදී backpacker වරුන් ලක්ෂ 03 ක් පමණ රටට පැමිණෙනු ඇති බවටද අනාවැකි පළවනවා.

 

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »