ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 09 කට තනි රැකියාවක් මදිවෙයි

පසුගිය ජුනි කාර්තුවේදී ඔස්ටේ්‍රලියාවේ පුද්ගලයන් 900,000 ක් පමණ එක් රැකියාවකට වඩා කර ඇතැයි හෙළිවී තිබෙනවා.

ඉහළ යන ජීවන වියදම හමුවේ විශේෂයෙන් බිල්පත් පියවා ගැනීම සඳහා රැකියා කිහිපයක් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි ඔස්ටේ්‍රලියානු වෘත්තීය සමිති කවුන්සිලය පෙන්වා දෙන්නේ.

මේ අනුව වැඩකරන ජනගහනයෙන් 6.5% ක් ජූනි කාර්තුවේදී බහු රැකියාවල නියුක්තව සිටි බව තහවුරු වී තිබෙනවා.

අඛණ්ඩව ඉහළ යන පොළී අනුපාත හමුවේ නිවාස ණය සහ උකස් ගෙවීමට අමතර මුදල් සොයා ගැනීමද මෙලෙස රැකියා කිහිපයක නිරතවීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

ලබන මාර්තු මාසය පමණ දක්වා උද්ධමනය අඛණ්ඩව ඉහළ යනු ඇති බවටයි ආර්ථික විද්‍යාඥයන් අනාවැකි පළකර තිබුණේ.

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »