මෙවර Melbourne Royal Show ඌරන්ට තහනම්

මෙවර මෙල්බන් රෝයල් ෂෝ සඳහා ඌරන් ගෙන ඒම තහනම් කර තිබෙනවා.

මුඛ සහ කුර රෝගය ඇතුලු රෝග කිහිපයක් පැතිර යාමේ දැඩි අවධානම ඊට හේතුව බවයි තරග සංවිධායකයන් පෙන්වා දෙන්නේ.

අනෙකුත් ප්‍රාන්තවල පැවැත්වෙන රෝයල් ෂෝ සඳහාද මෙවැනිම රෝග පාලන ක්‍රමවේද හඳුන්වාදීමට නියමිත නමුත් සතුන් ගෙනඑම තහනම් කරන ලද පළමු ප්‍රාන්තය වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයයි.

මේ අනුව මෙල්බන් රෝයල් ෂෝ හි මෙතෙක් පැවති ජනප්‍රිය ළමා විශේෂාංගයක් වූ ඌරන් යොදාගනිමින් පැවැත්වු අංග කිහිපයක් මෙවර නොපැවැත්වෙනු ඇති.

මෙම වසරේ රෝයල් මෙල්බන් ෂෝ පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 22 වනදා සිට ඔක්තෝබර් 02 වනදා දක්වායි.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »