රැජිණට බුහුමන් දැක්වීමේ පළමු අවස්ථාව ලංකාවේ උපත ලැබූ කාන්තාවකට

දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහය එංගලන්තයේ ලන්ඩන් නුවරට ගෙන ඒමට පෙර, එය ස්කොට්ලන්තයේ ශාන්ත ගයිල්ස් දේවස්ථානයේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබියදී, ඊට අවසන් ​ගෞරව දැක්වීමට ප්‍රථමයෙන් අවස්ථාව ලැබුණේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවකට යැයි පැවැසෙයි.

Vanessa Nathakumaran නැමැති 56 හැවිරිදි ඇය බ්‍රිතාන්‍ය බලා ගොස් ඇත්තේ 1980 දී වැඩිදුර අධ්‍යාපනය සඳහාය.

මැයගේ ඥාතිවරයෙකු වන Waithilingam Duraiswamy ට 1937 දී 6 වැනි ජෝර්ජ් රජු විසින් නයිට් පදවියක්ද ප්‍රධානය කර තිබෙන තිබේ.

Vanessa Nathakumaran ඇයට ලැබුණු අවස්ථාව ගැන මෙසේ අදහස් දක්වා තිබේ.

මට මෙවැනි අවස්ථාව ලැබේවි යැයි බලාපොරොත්තු වුණේ නැහැ. රැජිනට ගෞරව දැක්වීමට ප්‍රථමයෙන් අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් ගොඩක් සතුටු වුණා. අව්ව වැස්ස බාධාවක් කර නොගෙන මා රැජිනට ගෞරව දැක්වූවා. ’

දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවසන් කටයුතු ලබන 19 වැනිදා ලන්ඩන් නුවර දී පැවැත්වෙයි.

මේ වනවිට දේහය ලන්ඩන් නුවරට ගෙනැවිත් ඇති අතර එය බකිංහැම් මාලිගයේ තැන්පත් කර තිබේ.

source : https://www.dailymail.co.uk/news/article-11203401/Preparation-begins-queue-five-miles-Queen-lying-state-Westminster-Hall.html

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »