ඔස්ටේ්‍රලියා ගුවන් වාර අවලංගු කිරීම් සියයට 300 කින් ඉහළට

මෙම වසරේ මුල් මාස 08 තුළදී පමණක් ඔස්ටේ්‍රලියානු ගුවන් යානා අවලංගු කිරීම් පසුගිය වසරට සාපේක්ෂව සියයට 300 කින් ඉහළ ගොස් තිබෙනවා.

අභ්‍යන්තර ගුවන් ගමන් අවලංගු කිරීම් සඳහා වන්දි ප්‍රතිලාභ ඉල්ලීම්වල ඉහළයාම සටහන් වන්නේ සියයට 279 ක් ලෙසයි.

එමෙන්ම 2022 වසරේදී දේශීය හා ජාත්‍යන්තර ගුවන් ගමන් වාර යන අංශ දෙකේම ගමන්මලු අස්ථානගතවීම්ද කැපී පෙනෙන ලෙස ඉහළයාමක් පෙන්නුම් කර තිබෙනවා.

විශේෂයෙන් ඉන්දුනීසියාව සහ ජපානයේ සිට ඔස්ටේ්‍රලියාව දක්වා පැමිණිමට නියමිතවු ගුවන් වාර කිහිපයක්ම දින 02 ත් 03 ත් අතර කාලයක් ප්‍රමාදවීමෙන් මගීන් දැඩි දුෂ්කරතාවයට ලක්ව තිබුණා.

මෙලෙස අවලංගු වූ ගුවන් ගමන්වලින් බහුතරය ජෙට් ස්ටාර් ගුවන් සේවයේ යානා බවද සඳහන්.

පෙට්‍රල් මිල වාර්තා ගත ඉහළ අගයක් දක්වා ළඟාවෙයි

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය පහත වැටීම සහ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල වාර්තා ගත ලෙස ඉහළ අගයක් ගෙන තිබෙනවා.

Read More »

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »