වසර 86 කට පසු කැන්ගරු පහරදීමකින් ඔස්ටේ්‍රලියාව තුළ පුද්ගල මරණයක්

වසර 86 කට පසු කැන්ගරුවෙකුගේ පහරදීමකින් ඔස්ටේ්‍රලියාව තුළදී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පර්ත් නගරයට කිලෝමීටර් 400 ක් දුරින් පිහිටි රෙඩ්මන්ඩ් නගරයේදී මෙලෙස මියගොස් ඇත්තේ 77 හැවිරිදි පුද්ගලයෙකුයි.

ඔහු විසින් දීර්ඝ කලක් සුරතල් සත්වයෙකු ලෙස රැකබලා ගත් කැන්ගරුවෙකු විසින් මෙම පහරදීම සිදුකර තිබීමද විශේෂත්වයක්.

බරපතල තුවාල ලැබූ තැනැත්තාට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පැමිණ ඇතත් ඔවුන්ටද ඒ සඳහා කැන්ගරුවා අවස්ථාව ලබානොදී බාධා කර තිබෙනවා.

පසුව සත්වයාට වෙඩි තැබීමටද ඔවුන්ට සිදුව තිබුණා.

ඔස්ටේ්‍රලියාව තුළ කැන්ගරුවන් කෝටි 05 කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර පහරදීම් සුලභ කරුණක් වන්නේ නැහැ.

අවසාන වරට කැන්ගරු පහරදීමකින් මෙරටදී පුද්ගලයෙකු මියගොස් තිබුණේ 1936 වසරේදීයි.

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »