රට සල්ලි ලැබීම වැඩිවෙලා – ඇමති මනූෂ කියයි

මේ වසරේ ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී විදේශ ගත ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට එවූ විදේශ විනිමය සියයට 16.4කින් ඉහළ ගොස් ඇති බවත්, මේ වසරේදී විදේශ රැකියා සදහා පිටත්වීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී ඇති ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ඇති බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

ජුලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 279 ක් වූ විදේශ ගත ශ්‍රමික ප්‍රේශණ ප්‍රමාණය අගොස්තු මාසය වන විට ඩොලර් මිලියන 325 ක් දක්වා ඩොලර් මිලියන 46කින් ඉහළ ගොස් ඇතැයි අමාත්‍යවරයා සදහන් කරයි.

නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙලෙස මුදල් එවා ඇති සෑම විදේශ ගත ශ්‍රමිකයෙක්ටම සිය ස්තුතිය පුද කරන බවද, මේ අවස්ථාවේදී සියලුම ශ්‍රී ලාංකිකයින්ට විදේශ ගත ශ්‍රමිකයින්ගේ සහාය අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා සදහන් කළේය.

මේ අතර මේ වසර තුළදී විදේශ රැකියා සදහා පිටත්ව යාමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවූ ශ්‍රමික සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ.

මේ වසරේදී ශ්‍රමිකයින් ලක්ෂ තුනක් විදේශ රැකියා සදහා පිටත් කර යැවීමේ ඉලක්කයක් පැවති අතර එම ඉලක්කය තුන් ලක්ෂ තිස් දහස දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »