වසර 63 ක් යනතුරු කියවිය නොහැකි රැජිණ විසින් සිඩ්නි වාසීන්ට ලියූ ලියුම

දෙවන එලිසබෙත් රැජින විසින් සිඩ්නි නගරවාසීන් සඳහා අතින් ලියන ලද පණිවිඩයක් නගරයේ පිහිටි ගොඩනැගිල්ලක් තුළ රහසිගතව තබා තිබෙනවා.

එහි ඇති විශේෂත්වය වන්නේ එය තවත් වසර 63 ක් ගතවෙන තෙක් කියවිය නොහැකි වීමයි.

සිඩ්නි නගරයේ පිහිටි පෞරාණික වටිනාකමකින් යුත් වික්ටෝරියා රැජිණ නම් ගොඩනැගිල්ලේ තබා ඇති එම ලිපිය වසර 2085 තෙක් විවෘත නොකළ යුතු බවට දැඩි උපදෙස් සහිතව සුරක්ෂිතව තබා තිබෙනවා.

1986 නොවැම්බරයේදී ගොඩනැගිල්ලේ සිදුකරන ලද ප්‍රධාන ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසුවයි එදින සිට වසර 99 ක් යනතුරු කියවිය නොහැකි මෙම ලිපිය එලිසබෙත් රැජිණ විසින් ලියා ඇත්තේ.

සිය අත් අකුරෙන් ලියන ලද එම ලිපියේ අන්තර්ගතව ඇත්තේ කුමක්ද යන්න ඇයගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පවා නොදන්නා බව සඳහන්.

සිඩ්නි හි පිහිටි වික්ටෝරියා රැජිණ ගොඩනැගිල්ලේ ඉහළ පිහිටි ගෝලාකාර වීදුරු පෙට්ටියක් තුළ මෙම ලිපිය තැන්පත් කර තිබෙනවා.

2085 වසරේ සුදුසු දිනයක මෙම ලියුම් කවරය විවෘත කර සිඩ්නි හි පුරවැසියන්ට මගේ පණිවිඩය දන්වන්න යනුවෙන් රැජිනගේ අත්සනින් යුතුව එහි සඳහන්.

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »