දමිතා ලබන 14 තෙක් රිමාන්ඩ්

රංගන ශිල්පිණී දමිතා අබේරත්න ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදී ඇත්තේ.

අරගලයේ ක්‍රියාකාරිණියක වූ රංගන ශිල්පිණි දමිතා අබේරත්න අද දහවල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

බත්තරමුල්ල පොල්දූව මංසන්දියේ කළු හෝරාව නමින් සංවිධාන කර තිබූ විරෝධතා සත්‍යග්‍රහයෙන් අනතුරුවයි කොළඹ උතුරු අපරාධ කොට්ඨාශය විසින් ඇයව ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුනේ.

ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපල වලට හානි කිරීම හා අයුතු ජන රාශියක සාමාජිකයෙකුවීම යන චෝදනා මත දමිතා අබේරත්න අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොටුව පොලිස් ස්ථානය වෙත රැගෙන එනු ලැබුවා.

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »