iPhone 14 එයි – අලුත් දෑ සහ මිළ ගණන් මෙන්න

ඇපල් සමාගම විසින් සිය නවතම නිෂ්පාදනය ලෙස අයිෆෝන් 14 මාදිලිය එළිදක්වා තිබෙනවා.

ඒ අනුව  iPhone 14 / iPhone 14 Plus / iPhone 14 Pro / iPhone 14 Pro Max යන වර්ග 04 ක් යටතේ මෙම දුරකථන වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් SOS පණිවුඩ සේවාවකින් නව දුරකථනය සමන්විතයි.

දැනට අමෙරිකාව සහ කැනඩාව තුළ පමණක් මෙම පහසුකම ක්‍රියාත්මක වනු ඇති.

මෙගාපික්සල් 48 කැමරාවකින්ද අයිෆෝන් 14 සමන්විත බව ඇපල් සමාගම නිවේදනය කලා.

iPhone 14 & 14 Plus midnight, starlight, light blue, light purple, Red යන වර්ණ 05 කින්ද යන iPhone 14 Pro and Pro Max space black, gold, silver and deep purple වර්ණ 04 න්ද වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

iPhone 14 ඩොලර් 1399 ක ආරම්භක මිළකින්ද – iPhone 14 Plus $1579 මිළකටද – iPhone 14 Pro at $1749 ආරම්භක මිළකින්ද – iPhone 14 Pro Max $1899 ක මිළකටද අලෙවි වනු ඇති බව සඳහන්.

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »