කොවිඩ් නිසා දෙමව්පියන් අහිමිවූ ඔස්ටේ්‍රලියා දරුවන් ගැන අනාවරණයක්

ඔස්ටේ්‍රලියාව තුළ සිදුවන සෑම කොවිඩ් මරණ 100 කදීම සෑම වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින් 13 දෙනෙකුට තම දෙමව්පියන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනාම අහිමි වන බව නවතම අධ්‍යයනයක් පෙන්නුම් කරනවා.

ඔස්ටේ්‍රලියානු ජාතික විශ්ව විද්‍යාලය විසිනුයි එම සමීක්ෂණය සිදුකර තිබුණේ.

කොවිඩ් වසංගතය ආරම්භයේ සිට මෙරට ළමුන් 1,700 කට අවම වශයෙන් මව හෝ පියා අහිමිවී ඇතැයි ගණන් බලා තිබෙනවා.

මේ අතර දෛනික කොවිඩ් දත්ත වාර්තාකරණය ලබන සිකුරාදා (09) සිට පූර්ණ වෙනසකට ලක් කිරීමට ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා.

එදින සිට දිනපතා තොරතුරු ප්‍රකාශයට පත් කිරීමක් සිදු නොවන අතර සතිපතා වාර්තාවක් ඉදිරිපත් කිරීම පමණක් සිදුවනු ඇති.

ෆෙඩරල් රජය – ප්‍රාන්ත රජයන් සහ සියලු සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ප්‍රධාන සෞඛ්‍ය නිළධාරීන් එක්ව ගනු ලැබූ තීරණයක් අනුවයි එය ක්‍රියාත්මක වන්නේ.

මේ අනුව සෑම සතියකම බ්‍රහස්පතින්දා පස්වරුව වනවිට ලැබී ඇති කොවිඩ් තොරතුරු සිකුරාදා දිනවලදී ෆෙඩරල් රජය සහ එක් එක් ප්‍රාන්තය මට්ටමින් ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »