අහස උසට ගොස් තිබූ ඔස්ටේ්‍රලියාවේ එළවලු මිළ යළි පහළට

පසුගිය මාස කිහිපය පුරා ඔස්ටේ්‍රලියාව පුරා ඉහළ ගොස් තිබූ එළවලු සහ පළතුරු මිළ ගණන් නැවතත් අඩුවීමට පටන්ගෙන තිබෙනවා.

iceberg lettuce – broccoli ඇතුලු එළවලු වර්ග ගණනාවක මිළ ගණන් කැපී පෙනෙන ලෙස පහළගොස් ඇති බව සඳහන්.

කාලගුණය යහපත්වීම හමුවේ වෙළඳපොළට ලැබෙන සැපයුම් ඉහළගොස් තිබීම මීට ප්‍රධාන හේතුවයි.

වසන්ත සමය එළැඹීම හමුවේ ඉදිරි දිනවලදී මිළ ගණන් තවත් පහළ යනු ඇති බවටද අනාවැකි පළවනවා.

දොඩම් – ඇපල් – ස්ට්‍රෝබෙරි වැනි පළතුරු රැසක මිළද පැවති අධික මිළ ගණන්වලින් අඩුවී ඇති බවයි වෙළඳපොල වාර්තා පවසන්නේ.

හතු ආහාරයට ගන්න සොයන ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය අංශවලින් උපදෙසක්

හතු හට ගැනීමේ සමය ආරම්භ වීමත් සමග විවිධ හතු වර්ග ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

Read More »

යුපුන් අබේකෝන් ඉතාලියේදී ශ්‍රී ලංකාවේ නම බබළවයි

ඉතාලියේ පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 Serie-1 තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් පළමු ස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා.

Read More »